අර්ථශාස්ත්‍ර 5: අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම
යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?
යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?
2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>) රොහාන් සමරජීව වර්තමානයේ,
රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි.
අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.