ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව
ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත් එහාය. සජිත් ප්‍රේමදාස, කාදිනල් කුරේ, නීතීඥ සංගමය, ජිනීවා වැනි තවත් බලවේග රැසක් ද රාජ්‍ය අස්ථාවරත්වය දිරිගන්වති