මනාප බලු පොරයට ප්‍රත්‍යක්ෂ විසඳුම්
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්.
මැතිවරණ රාජකාරිවල යෙදෙන රාජ්‍ය නිලධාරීන්ගෙන් 80%ක් විතර එකම පක්ෂයකට ඡන්දය දෙන්නන් වෙන සංදර්භයක් තුළ ඡන්දය දෙනකොට, ගණන් කරනකොට යම් යම් දූෂණ ඇතිවෙන්නට පුළුවන්.
මහවිරු සමරු කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ බ්‍රෑන්ඩ් එකක්. වෙන කවුරුවත් මහවිරු සමරු පවත්වන්නෙ නැහැ. මිය ගිය එල්ටීටීඊ කාඩර්වරුන් හැර වෙන කවුරුවත්
මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන්න පැරණි කුලවාදී කතාවකි. එයින් අදහස් කරන්නේ වෙනත් කුලවල අය රජකමට නුසුදුසු බවයි. කෙසේ වෙතත්, මෙම කතාව වර්තමානයේදී භාවිතා කරන්නේ ග්‍රාමීය දිළින්දන් ගොවීන් ලෙස මෝඩයාට අන්දා, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි බහුතර බලයෙන් පාලනය දිනාගැනීමටයි.
ඒ වෙනුවෙන් යැපුම් ගොවිතැන නඩත්තු කරනු ලැබේ. යැපුම් ගොවීන් රැකගන්නා මුවාවෙන් ඉඩම් වෙළඳපොළ නිදහස් වීමට ඉඩ නොදී රජය අත රැකගනු ලැබේ. වී ගොවිතැන මුල් කරගත් ඊනියා කෘෂිකර්මාන්තයේ නාමයෙන් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා දේශපාලකයන් සමුදායක් නඩත්තු කරනු ලැබේ. ඒ ආයතන පද්ධතියෙන් කෘෂිකර්මාන්තයට තිබෙන සේවය අවමය.
මේ අතර, දේශගුණික විපර්යාසවලට සංවේදී කාර්යක්ෂම සුහුරු කෘෂිකර්මාන්තයක් අවශ්‍ය යුගයක, ලංකාවේ මිනිස්සු තවමත් සූදු කෙළින්නා සේ විවිධ බෝග වගා කරති. ලාභ මෙන්ම පාඩු ද ලබති.
දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතු යයි කියමින් නිදහස් වෙළඳපොළට ඉඩ නොදී පාරිභෝගිකයා මත අධික බරක් පටවයි. මේ අතර දේශීය යයි කියන ගොවිතැන සිදුවන්නේ මෙසේය: පොහොර පිටරටින්ය. බීජ පිටරටින්ය.ප කෘෂි රසායන පිටරටින්ය. යන්ත්‍ර සූත්‍ර පිටරටින්ය. ඒවාට ගහන ඉන්ධන පිටරටින්ය. වාරිමාර්ග හදන සිමෙන්ති හා යකඩ පිටරටින්ය. වතුර පොම්ප කරන විදුලිය හදන ඉන්ධන පිටරටින්ය. ගොවියා අමුඩ ගහනවා නම් ඒකත් පිටරටින්ය. මී උණ හැදුනාම දෙන බෙහෙතුත් පිටරටින්ය.
බලාගෙන ගියාම පූර්ණ වශයෙන් දේශීය යයි කිව හැක්කේ පිටසක්වළින් එන හිරු එළිය පමණි.
ඒ මදිවාට ගොවීන් යයි කියන ග්‍රාමීය දිළින්දන්ට පොහොරත් මහජන මුදලින් දී, අස්වැන්නත් මහජන මුදලින් මිලදී ගත යුතුය. කොහොම කළත් දිළිඳුකම දිගටම පවත්වාගෙන යන නිසා අස්වැසුමත් දිය යුතුය.
මේ අතර දේශීය වෙළඳපොළේ හාල් කිලෝවක් රු. 250ක් පමණ වෙද්දී රුපියල් සීයට ආනයනය කළ හැකි බව දැන් ආණ්ඩුවම කියයි.
මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය. අමුඩයේ පටන් සියල්ල රැකගනිමින් කළ හැකි පරිවර්තන නැත. ඕනෑම පරිවර්තනයක සැරව ගෙඩියකට කටුවක් අනින්නා වැනි වේදනාවක් ඇත. ඒක කරන්නට බැරුව තියෙන මූලික ප්‍රශ්නය දේශපාලනයට දැක්මක් නැතිකමය. දැන් ඉන්න එවුන් නම් ලෝකයට පමණක් නොව ලංකාවට ද පුංචි වැඩිය.
ඇය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලද දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පාසල් කාලයේ නම තුෂාරි ජයනෙත්ති. ඇගේ පියා ආනන්ද ශාස්ත්‍රාලයේ නියෝජ්‍ය හා වැඩබලන විදුහල්පතිවරයකු ද ලෙස සේවය කළ දක්ෂ විද්‍යා ගුරුවරයකු වන ජයනෙත්ති සර්ගේ දියණියක්.
අජිත් පැරකුම් ජයසිංහ, මවුන්ට් ලැවීනියා හෝටලෙන් නොමිලේ දීපු ටිකට් අරන් රටට ෂෝ දාපු අගමැතිනි හරිනි අමරසූරිය හා ටිල්වින් සිල්වා ඇතුළු
ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය පහත දැක්වෙන ප්‍රකාශයෙන් පැහැදිලි කෙරේ. එය තනිකරම 1970-77 කාලයේ තිබුණු සමගි පෙරමුණු ආණ්ඩුවේ මූලෝපාය වැනි එකකි. අහෝ දුකකි! ඉරකි! තිතකි! රෝදය නැවත සොයාගැනීමකි. සොයාගන්නට යන්නේ අතීතයේ පාවිච්චි කර අතහැර දැමූ කරත්ත රෝදයකි. ගල් ටයර් යුගයටත් වඩා පැරණි එකකි.
මං නම් යෝජනා කරන්නෙ දැන්මම අපි හිත හදාගෙන ‘පොහොසත් රටක්’ කෑල්ල අයින් කරමු. ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද?
එම ක්ෂේත්‍රවල සාකච්ඡා කළ යුතු නවීන විෂයයන් වන්නේ, තිරසාර කෘෂිකර්මාන්තය, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව, ඩිජිටල් තාක්‍ෂණය සහ නවෝත්පාදනය, ආර්ථික ශක්‍යතාව, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, හානි සහ නාස්තිය අවම කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය වැනි විෂයන් පිළිබඳවයි.
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථික ඇමති ජනාධිපතිවරයායි. සෙසු ඇමතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
ස්ථිර විසඳුම සමාජවාදය තරම් ෆැන්ටසියක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඉක්මවා යන දකුණු ආසියාතික වගේ රාජ්‍ය සංගමයක් ඇතුළෙ තමයි ඔය ගැටලුවට ස්ථිර විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නෙ. අඩු ගානෙ ඒක තමයි විසඳුම විදියට පෙන්නන්න හරි වෙන්නෙ. ඒක වෙනුවෙන් වැඩ කරන ගමන් තමයි මර්දනය හරි කරන්න වෙන්නෙ.