කොළඹ බෝට්ටු සේවාව අතරමග ගිලී නොයා යුතු ය
අජිත් පැරකුම් ජයසිංහ
යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද ආරම්භ වේ. ඒ අනුව, අද සිට ලේක්හවුස් ඉදිරිපිට මැකලම් ගේට්ටුවේ සිට යුනියන් පෙදෙස දක්වා බෝට්ටුවන් ගමන් කිරීමට පුළුවන.
![Sinhala Tamil English Translations and Content Writing]( http://praja.lk/wp-content/uploads/2019/08/language-support-c3-e1566028397636.jpg)
එහෙත්, මෙවැනි බෝට්ටු සේවයක් පවත්වාගෙන යාම සංචාරක ආකර්ශනයට සහ කොළඹ නගර අලංකරණයට වැදගත් ය.
වැල්ලවත්ත – බත්තරමුල්ල සහ කැලනි ගඟ දිගේ මට්ටක්කුලිය – හංවැල්ල අතර ද බෝට්ටු සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ආර්ථික වශයෙන් සාර්ථක වීමේ හැකියාව එම බෝට්ටු සේවාවලට තිබේ.
මෙවැනි මගී බෝට්ටු සේවා මීට පෙර ද ආරම්භ කරන ලදමුත් ඒවා පවත්වාගෙන යාමට රජය අසමත් විය.
පසුගිය රජය සමයේ නාවල විවෘත විශ්වවිද්‍යාල භූමියට යාබද ඇල මාර්ගය නාවික හමුදාව මගින් පිළිසකර කර එම හමුදාවේම අධීක්‍ෂණයෙන් වැල්ලවත්ත දක්‌වා මගී බෝට්‌ටු සේවාවක් ක්‍රියාත්මක කරන ලදමුත් එය පවත්වාගෙන යාමට බැරි විය.
වත්මන් රජය මෙම ව්‍යාපෘති දියත් කිරීමට අදහස් කරන්නේ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයන් ලෙස ය.
මෙම ව්‍යාපෘතිය අතිශය වැදගත් ය. එහෙත්, හුදු දේශපාලන ප්‍රචාරණයට එහා ගිය දැක්මක් රජයට නිර්මාණය කර දීමට මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රණවකට හැකි විය යුතු ය.
![](http://praja.lk/wp-content/uploads/2019/08/Colombo-passenger-boat.jpg)