Bed seller poem

නින්ද විකුණන මිනිසා

නින්ද විකුණන මිනිහෙක්
කරෙන් අරගෙන යහනක්
ඇඳන් ඕනේ ඇඳන්
ගයයි දුක්බර ගීයක්

විකුණුනෝතින් යහනක්
ලැබේ ඔහුටත් නින්දක්
ඇඳන් ඕනේ ඇඳන්
ඔහුගෙ ගෙයි නැත යහනක්

නින්ද විකුණන මිනිසා
නින්ද පැමිණෙනු උදෙසා 
ගිනි වතුර ගිල දා
රිදෙන ගත සතපවයි බිම දා

පද: අජිත් පැරකුම් ජයසිංහ
ඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *