Human Rights

ශ්‍රී ලංකාව වධහිංසනයේ විෂම චක්‍රයක ගොදුරක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම පිළිබද පැමිණිලි සංඛ්‍යාව 2228ක් දක්වාද වර්ධනය වී ඇති බව පෙන්වයි.

0 Minute
Life

අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම

එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ.

1 Minute
Politics

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි.

1 Minute
Media

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

නියාමනය අවශ්‍ය බව කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැත. මතුකරන්නේ වෙනත් කාරණාය. එකී කාරණා බොහොමයක් තාක්ෂණිකය. ඒවා සාකච්ඡා කර වෙනස් කරගත හැකි බව රජය පවසයි. මේ වන විට විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කෙරෙමින් ද තිබේ. එහෙත්, ඒ අතර, එකී මාධ්‍ය විසින් ම තම විවිධාකාර ඉත්තන් මෙහෙයවමින් කරන්නේ කුමක්ද? මේ පනත මේ මොහොතේ අවශ්‍ය නැතැයි ඍජුවම කියන අය ද සිටිති. ඔවුන්ට ඕනෑම දවසක් අසුබ දවසකි. තවත් සමහරුන් මෙතෙක් කල් සමාගම් කර තිබෙන ආයෝජන හා අලුතෙන් බලපත්‍ර වෙනුවෙන් අයදුම් කරන්නට සිදුවීම හා අවුරුදු පතා ඒවා අලුත් කරන්නට සිදුවීම ගැන කුලියට අඬනු ඇසේ.

1 Minute
Education

එක් සිසුවෙකු අන්තර්කරණයට පාසලක් කැපවෙන තරම

අන්තර්කරණ අධ්‍යාපනය යනු සියලුම දරුවන්ට පාසලට පැමිණීමට සහ ඔවුන්ගේ දියුණු වීම සඳහා අවශ්‍ය නිපුණතා ඉගෙනීමට සහ වර්ධනය කරගැනීමට සාධාරණ අවස්ථා ලබා දීමේ ඵලදායී ක්‍රමයකි. අන්තර්කරණ අධ්‍යාපනය ඔස්සේ විවිධ හේතූන් මත බැහැර කරන ලද කණ්ඩායම් සඳහා සැබෑ ඉගෙනුම් අවස්ථා උදා වේ.

1 Minute
Politics

ඉන්දියාවේ තෙලන්ගානාවේ වේගවත් සංවර්ධනයේ රහස

තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.

1 Minute
Politics

සාපෙ අවසන් වන දාට සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයිද?

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.

0 Minute
Politics

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.

1 Minute
Economy

ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක්

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ.

1 Minute